30 C
Galle

ඡන්දය තියෙනවා. රනිල්, තම පක්ෂයට කියයි

Published:

ඡන්දය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නි‍යෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ මැතිවරණ වැඩ කටයුතු පවත්වා ගෙන යන ලෙස එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!