30 C
Galle

85 වැනි වියේ සිටින ෆවුසි, නැවතත් පාර්ලිමේන්තුවට

Published:

හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි පාර්ල‍ිමේන්තු මන්ත්‍රීධූරයට නම්කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි මේ වනවිට 85 වැනි වියේ පසු වෙයි.

කොළඹ නගරාධිපතිධූරයට ඉදිරිපත්විම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ෆවුසි නම්කර ඇත.

පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 06ක් හිමි වූ අතර ඒ.එච්.එම්.ෆවුසි මනාප 48,701ක් ලබා 07 වැනි ස්ථානයට පත්විය.

ඒ.එච්.එම්.ෆවුසි කොළඹ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!