30 C
Galle

වෛද්‍ය සභාවේ පත්වීම්වලට එරෙහිව අධිකරණ නියෝගයක්

Published:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රදේවී වන්නිආරච්චි විසින් ශ්‍රී ලංකා වෛදය සභාවට කරන ලද පත්වීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රීට් ආඥාවක් නිකුත් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක ඇතුළු එහි සාමාජිකයන් 04 දෙනකු සිය ධූරවල කටයුතු කිරීම බල රහිත කර තිබේ.

මහාචාර්ය වජිර දිසානායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සහ සාමාජිකයන් වන මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන, වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න, මහාචාර්ය ජයලත් ජයවර්ධන යන පිරිස සාමාජිකයන් ලෙස පත්කිරීමට එරෙහිව මෙම රිට් ආඥාව නිකුත් කෙරිණි. එම ආඥාව නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හිටපු මහාචාර්ය හරින්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි

2020  වර්ෂයේ දී මේ පත්කිරීම් සිදුකර තිබිණි.

Related articles

error: Content is protected !!