30 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 16,156ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,657 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 69ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,889ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 254
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 148
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 143

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 30
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම 15%
  • ඒසියා සියාකා සමාගම 12%
  • පාර්ම් ගාර්ඩ්න් සමාගම  05%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 22.6ක් රුපියල් 4.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 361
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 140ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 96ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 109
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 11.7
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 11.7

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 29
  • බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!