30 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 16,948ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,723ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 24ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,865ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 154
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 154
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 126

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කාගෝ බෝර්ට් සමාගම 13%
  • එච්එන්බී ඇෂුවරන්ස් සමාගම 10%
  • එස්පැක් සමාගම  06%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 159,000ක් රුපියල් 209.00 බැගින්
  • ලංකා වෝල්ටයිල් සමාගම කොටස් 400,000ක් රුපියල් 55.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 363
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 196
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 173ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 79ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 93ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 109
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 11.7
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 25
  • ටෙක්සච්ර්ස් ජර්සි සමාගම 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!