30 C
Galle

කාන්තාවක් සමඟ ලැඟුම්හළකට ගිය පුද්ගලයකු හදිසියේ ම මියගිහින්

Published:

අම්බලන්ගොඩ ලැඟුම් හළකට කාන්තාවක සමඟ පැමිණි 58 හැවිරිදි පුද්ගලයෙක් අද (31) එහි කාමරයක් තුළ මියගොස් සිටි බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු සෞඛ්‍ය අංශයේ සේවකයකු බව ද අනාවරණය වී ඇත. ඔහු සමඟ එම ලැඟුම්හළට පැමිණ ඇත්තේ 37 හැවිරිදි කාන්තාවකි. ඇය හික්කඩුවේ පදිංචිකාරියක බව ද පොලිසිය පවසයි.

ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී  නිරුවත්ව සිටි බව ද මළ සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමුකරන බව ද පොලිසිය සඳහන් කළේය.

Related articles

error: Content is protected !!