26.8 C
Galle

ලිංගික අවයවය මිතුරා විසින් කපා දමලා

Published:

මත්පැන් පානය කළ මිතුරකු විසින් ලිංගේන්ද්‍රය පිහියකින් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත්කර සිටියි.

මෙලෙස රෝහල්ගතකර ඇත්තේ තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකි.

ඔහු තම මිතුරකු සමඟ එක්ව මත්පැන් පානය කර ඇති අතර දෙදෙනාම සිහිවිකල් වන තරමට වෙරි වී සිට ඇත. එම අවස්ථාවේ දී අනෙක් පුද්ගලයා තියුණු පිහියකින් ඔහුගේ ලිංගික අවයවය කපා දමා ඇත්තේ විහිළුවක් කිරීමට බව පවසයි. ලිංගේන්ද්‍රය අහිමිව බරපතල තුවාල ලබා සිටි තැනැත්තා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත් රෝහලට මාරුකර යවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!