26.8 C
Galle

බෙංගාල බොක්කේ අවපාතය නිසා අපට සිදුවන දේ

Published:

බෙංගාල බොක්කේ නිරිතදිග කොටසේ ඇති වූ පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසින් රටට ඇතුළු වී ගොඩබිම හරහා ගමන්කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරවන බවත්, නැගෙනහිර, උතර, උතුරු මැද පළාත්වල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාර්යභාර කාලගුණ විද්‍යාඥ කියා සිටියේය.

රටේ අනෙකුත් ප්‍රදේශවල ද රාත්‍රී කාලයේ වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම වැසි මිලි මීටර 100 ඉක්මවන බවත් වරින් වර පැයට කිලෝ මීටර 40-50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Related articles

spot_img
error: Content is protected !!