26.8 C
Galle

බස් තුනක් එකිනෙක ගැටී, STF සෙබළු 09ක් රෝහලේ

Published:

විශේෂ කාර්ය බලකායේ සෙබළ පිරිසක් 75 වැනි නිදහස් සමරු උළලේ පෙරහුරු සඳහා රැගෙන ආ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

ඔවුන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. පානදුර දකුණ පොලිසිය පවසන්නේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථ තුනක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!