30 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 19,200ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,809ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,022ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 277
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 237
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 128

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
  • අමානා බැංකුව කොටස් මිලියන 6.6
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම 16%
  • ලී හෙජර්ස් සමාගම 16%
  • පෑන් ඒෂියා බැංකුව  12.5%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 53.40 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 373
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 297ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 93ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 204ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 224
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 28
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 10

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 57
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!