26.8 C
Galle

රෙදිපිළි ව්‍යාපාරිකයා ඝාතනයට සැකපිට, අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Published:

Shade නමැති ‍ රෙදිපිළි අළෙවි සැල් ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක (49) නමැති ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධ සැකකරුවන් වූ අඹුසැමි යුවළක් කඩවත දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

‍වයස අවුරුදු 26 සහ 27 පසුවන මෙම දෙදෙනා කඳාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 30 වැනි දා අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුරු ඔහු විසින් ඉදිකරන නිවසක පිහිනුම් තටාකයේ පාවෙමින් තිබිය දී සොයාගනු ලැබුවේ ඊට දින දෙකකට පසුවය. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී රථය සහ ජංගම දුකරථනයත්, මුදල් පසුම්බියත් අතුරුදන්ව තිබිණි.

කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වසිින් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් ම එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදවන ලද අතර කඳාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනාගෙන් ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!