29.4 C
Galle

තාත්තයි, දුවයි, ඥාති පුතයි දිය නෑමට ගොස් අවසන් ගමන් යයි

Published:

හලාවත මෝය අසළ දිය නෑමට ගිය තාත්තා, දියණිය සහ ඥාති පුත්‍රයකු, දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇති පියා ඩබ්ලිව්.එස්.ප්‍රියදර්ශන (35) ඔහුගේ දියණිය ඩබ්ලිව්.එස්.ප්‍රියදර්ශනී නිහංසා (07) සහ ඩබ්ලිව් ඩබ්ලිව්. සිතිජ සක්මිත් (06) යන තිදෙනාය.

මීගමුවේ, ගල්කඩුව, දළුපොත සිට හලාවත ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් හලාවත මෝය අසළ දිය නාමින් සිටිය දී අනතුර සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

දියේ ගිලුණු කුඩා දරුවකු සහ තවත් අයකු ප්‍රදේශවාසීන් සහ ධීවරයන් එක්ව බේරාගෙන රෝහල්ගත කර ඇත.

Related articles

error: Content is protected !!