29.4 C
Galle

සෙල්ෆි ගැනීමට ගිය තාත්තත්, දුවත් ඔයට බිලිවෙයි

Published:

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පියා සහ දියණිය කුඹුක්කන්ආරුව ඔයට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් වයස අවුරුදු 46ක් වූ පාසල් ගුරුවරයකු සහ 12 හැවිරිදි ඔහුගේ දියණියයි.

අද (07) දහවල් පුලතිසිපුර ඕනෑගම මාර්ගයේ, තඹාල ගල්වල හන්දිය ආසන්නයේ දී ඔවුන් කුඹුක්කන්ආරුව ඔය නරඹමින් සිට ඇත. දියණිය සහ පියා ඔයේ සැඩපහර සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කරද්දී ඔයට වැටී ඇති අතර ඔවුන් සැඩ පහරට හසු වී ගසාගෙන ඇත. මළ සිරුරු සොය‍ාගෙන ඇත්තේ ඔවුන් ඔයට වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර දෙකක් පමණ දුරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

error: Content is protected !!