27 C
Galle

අයියා ඝාතනය කළැයි, 14 හැවිරිදි මල්ලී අත්අඩංගුවට

Published:

තම සහෝදරයා ඝාතනය කළා යැයි සැකපිට 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධ ධනංජය නැමති 26 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.

රෝගාතුරව රෝහල්ගතව සිටින පියා බැලීමට ඊයේ (07) දහවල් ඔවුන්ගේ මව රෝහලට ගිය අවස්ථාවේ දී මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමඟ නිවසේ තනිවම සිට ඇත. එම අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර බාල සහෝදරයා මන්නයකින් තම අයියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇතැයි පොලිසිය කියයි. ඉන් බරපතල තුවාල ලැබූ ඔහු නාගොඩ රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!