27 C
Galle

පිරිමි ළමුන්ට අතවර කළ විහාරාධිපති දෙදෙනකු අත්අඩංගුවට

Published:

බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනකු අප‍යෝජනයට ලක්කළා යැයි සැකපිට විහාරාධිපති හිමිවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්ත් හික්කඩුවේ විහාරස්ථානයක සහ කහවත්තේ විහාරස්ථානයක විහාරාධිපතිවරු ලෙස කටයුතු කරන දෙදෙනෙකි.

හික්කඩුව විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුව වයස අවුරුදු 69ක් බවත් ඔහු 13 හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක්කර ඇති බවට සැකපිට පසුගිය 06 වැනි දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කහවත්තේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වයස අවුරුදු 50ක අයකු බවත් ඔහු වයස අවුරුදු 09ක පිරිමි දරුවකු අප‍යෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.  

Related articles

spot_img
error: Content is protected !!