29.4 C
Galle

කොළඹට හමුදාව කැඳවයි

Published:

වෘත්තීය සමිති රැසක් අද (08) කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර ඇති බැවින්  ‍කොළම ආරක්ෂාව සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා තිබෙනු දක්නට ලැබෙයි.

කොළඹ කොටුවේ රජයේ විධායක නිලධාරීන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පවත්වන  උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින අතර දැඩි වාහන තදබදයක් ද පවතී. මේ අතර පොලිසිය විසින් කොළඹ කොටුව ලෝටස් පාර වසා දමා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය, ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද ((08) සවස කොළඹ හයිඩ් පිටියේ රැලියක්ද සංවිධාන කර තිබේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇත.

Related articles

error: Content is protected !!