29.4 C
Galle

විභාග කාලයේ විදුලි කප්පාදුව ගැන අධිකරණය විභාග කරනවාදැයි තීරණය 10 වැනි දා ? විභාගය 17 දා අවසන්

Published:

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලි කප්පාදුව නතර කරන්න යැයි විදුලිබල මණ්ඩලයට නියෝග නිකුත්කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවා ද ? නැද්ද ? යන් තීරණය කිරීම පෙබරවාරි 10 වැනි දිනට ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය තීරණය කළේය.

මෙම තීරණය ගන්නා ලද්දේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල විසින් දීර්ඝ කරුණු සළකා බැලීමකින් අනතුරුවය.

අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය සහ පෙත්සමින් ඉල්ලා තිබෙන විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය පිළිබඳ තීරණය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

උසස් පෙළ විභාගය ලබන 17 වැනි දා අවසන් වීමට නියමිතව තිබේ.

Related articles

error: Content is protected !!