29.4 C
Galle

වඩිවේල් සුරේෂ්, සජබ තනතුරුවලින් ඉවත් වෙයි

Published:

තමන් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ අද (09) ඔහු මේ බව පක්ෂයට දැනුම් දුන් බවයි.

“අද මඩොල්සිම නගරයේ රැස්වීමකට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එනවා කියා දැනුම්වත් කරලා තිබුණා. වතුකරයේ අද වැඩ දවසක්. නමුත් මේ ප්‍රදේශයේ ජනතාව තමන්ගේ වැඩ අතහැරලා ඇවිත් තිබුණේ. නමුත් හදිසි අසනීප තත්වයක් නිසා එතුමාට එන්න බෑ කිව්වා. මේ බව අපි ජනතාවට කිව්වම එයාලා පක්ෂ නායකතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා පූජාවක් පවා කළා. ජනතාව ආපසු යැව්වා. නමුත් මම ටිකකින් බල‍නකොට සජිත් ප්‍රේමදාස නායකතුමා වැලිමඩ ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් සිටිනවා ෆේස් බුක් එකේ පෙන්නනවා. මේ වැඩ නිසා මම ලොකු අපහසුතාවකට පත්වුණා. අපිට බොහොම කණගාටුයි. වේදනාවයි. මම මගේ සහෝදර ජනතාවට බොරු කාරයෙක් වුණා. මම හිතුවා මේ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න.” යැයි වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කීවේය.

Related articles

error: Content is protected !!