27 C
Galle

පහරදීමකින් 11 හැවිරිදි දරුවෙක් මරුට

Published:

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අමානුෂික පහරදීමකට ලක්වූ 11 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම දරුවා තම මවගේ දෙවැනි විවාහයේ සැමියාගෙන් පහර කෑමට ලක්ව බරපතල තත්වයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 08 වැනි දා ය. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඊයේ (09) මියගිය බව පොලිසිය පවසයි.

පහරදීම සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අයකු බව ද පොලිසිය පවසයි.

සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!