27 C
Galle

පොලිස් සැරයන් පැදවූ රථය පෙරැළී බිරිඳ මරුට

Published:

රත්තොට රිවස්ටන් පාරේ ගෝනමඩ ප්‍රදේශයේ දී කාරයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් කාන්වක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල, ගුරලවෙල පදිංචි දිල්රුක්ෂි වික්‍රමසිංහ නමැති 33 හැවිරිදි එක්දරු මවකි.

ඇයගේ සැමියා මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකි. රථය අනතුරට ලක්වන අවස්ථාවේ දී රථය පදවා ඇත්තේ එම පොලිස් නිලධාරියා විසිනි. පවුලේ අය එක්ව රිවර්ස්ටන් ප්‍රදේශයේ චාරිකාවක යෙදී සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූ පොලිස් නිලධාරිය සහ දියණිය (11) ද මියගිය බිරිඳගේ සහෝදරිය සහ ඇගේ  දියණිය (08) තුවාල ලබා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!