27.1 C
Galle

මොණරාගල, බුත්තල, වැල්ලවාය පොළොව සෙළවුණේ ඇයි ?

Published:

වැල්ලවාය, බුත්තල සහ මොනරාගල ආශ්‍රිතව සිදු වූ භූමිකම්පා පිළිබඳ සෙවීමට භූ විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශයට යැවීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට කටයුතු කර තිබේ.

ඊයේ (10) දහවල්, මොණරාගල, බුත්තල වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ආශ්‍රිතව සුළු භූමිකම්පා දෙකක් සිදුවිය. ඒවා රිච්ටර් මාපකයේ ඒකක 3.0ක් සහ 3.5ක් ලෙස සටහන්ව තිබූ අතර අද (11) උදෑසන රිච්ටර් මාපක 2.3ක සුළු භූමිකම්පාවක් වැල්ලවාය නගරය ආසන්නයේ සිදුවිය.

ඉන්දියන් සාගර පත්ලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් නමින් හඳුන්වන කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් මෙම භූචලන ඇතිවන්නට ඇතැයි පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි. භූ කම්පන පිළිබඳ ජාත්‍යන්තර දත්ත සටහන්වල මෙම භූමිකම්පා පිළිබඳ කිසිදු සටනක් නොමැති බැවින් කාල්ස්බර්ග් මවුන්ට් කන්දේ සිදුවූ භූ කම්පනයක් බුත්තල, මොණරාගල, වැල්ලවාය ප්‍රදේශවලට දැනෙන්නට ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය

Related articles

spot_img
error: Content is protected !!