27.1 C
Galle

සාගර විශ්වවිද්‍යාල සිසුවා, සාගරයේ ගිලී අතුරුදන් වෙයි

Published:

සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු හලාවත දී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මලිත් දිමන්ත ජයලත් නමැති 23 හැවිරිදි සිසුවෙකි. රඹුක්කන, බණ්ඩාරවත්ත, වගව ප්‍රදේශයේ පදිංචි ඔහු විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයට පැමිණ හලාවත තානායම අසළ මුහුදේ දිය නාමින් සිටිය දී අතුරුදන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!