27.1 C
Galle

සිරිපා අඩවියේ ඉඳිකටුපානේ දී කතක් දරුවකු බිහිකරයි

Published:

ශ්‍රී පාද වන්දනාවේ ගිය ගැබිණි කාන්තාවක් ඉඳිකටුපාන දී  ඊයේ (11) රාත්‍රී 7.30ට පමණ දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ.

මෙලෙස දරුවා බිහිකර ඇත්තේ රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි මවකි. උඩ මළුව දක්වා යාමේ අපේක්ෂාවෙන් ඉඳිකටුපාන ප්‍රදේශයේ රැඳී සිටිය දී ඇය ‍තම දෙවැනි දරුවා බිහිකර ඇත. ඇය සමඟ පැමිණි සිටි කාන්තාවන් පිරිසක් සහ එම අවස්ථාවේ වෙනත් ප්‍රදේශවලින් පැමිණ සිටි කාන්තාවන් පිරිසක් ද ඇයට අවශ්‍ය උපකාර කර ඇතැයි ද වාර්තාවේ.

මේ පිළිබඳ දැනගත් පොලිසිය ශ්‍රී පාද උඩමළුව දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයන් යොදාගෙන පොලිස් නිලධාරීන්ගේ ද සහයෙන් එම කාන්තාව සහ උපත ලැබූ බිළිඳිය ආධාරක ඇදක් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන ඒමට කටයුතු යොදා තිබිණි.

එතැනින් සුවසැරිය ගිලන්රථයකින් මව සහ දියණිය දෙදෙනා ම දික්ඔය මූලික රෝහලට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!