29.4 C
Galle

ඔරුවක් පෙරැළී පාසල් සිසුන් තිදෙනකු සහ ගුරුවරයෙක් මරුට

Published:

මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් පාසල් සිසුන් 03 දෙනකු සහ ගුරුවරයකු මියගිය බව පොලිසිය පවසයි.

උපකාරක පන්ති ගුරුවරු තිදෙනකු, 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුන් 04 දෙනකු සහ සිසුවියන් 07 දෙනකු විනෝද ගමනක් පැමිණ තිබිණි. සිසුන් තිදෙනකු ඔරුවක් ගෙන පදිමින් සිටිය දී එය පෙරැළී ගොස් ඇති අතර ඔවුන් බේරාගැනීමට 27 හැවිරිදි ගුරුවරයා ද වැවට පැන ඇත. පොලිසිය පවසන්නේ සිව් දෙනාම දියේ ගිලී මියගොස් ඇති බවයි.

‍ඔවුන් පැද ඇත්‍තේ අබලන්ව තිබූ ඔරුවක් බවයි. මියගිය සිව්දෙනාම වෙල්ලාවලි, කළුදන්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

Related articles

error: Content is protected !!