27.1 C
Galle

දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟ ? නැතිනම් විදුලි බිල වැඩිකරන බව කියයි

Published:

විදුලි බිල වැඩි නොකරන්නේ නම් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි.  විදුලි බිල වැඩි‍ නොකළහොත් විදුලි නිෂ්පාදනය සඳහා ගල් අඟුරු නොමැතිවීම හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇතැයි එම නිලධාරීන් පවසා සිටියේ අද (13) ජාතික සභාව හමුවට ඔවුන් කැඳවූ අවස්ථාවේ දී ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් ද ජාතික සභාවට අද කැඳවා තිබිණි. මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල සම්බන්ධයෙන් 15 වැනි දා අවසන් තීරණයක් ගැනීමට පෙර එම කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන්න යැයි ද ජාතික සභාව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!