27.1 C
Galle

පුංචි ඡන්දය කල් යයි ?

Published:

රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන බැවින් සැළසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත යැයි මැතිවරණ කොමිසම අද (14) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව හෙට (15) දිනයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදුවන්නේ නැත.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි 46.1ක මුදලක් අවශ්‍ය බවයි. එම මුදල මුද්‍රණ කාර්යයන් ආරම්භ කිරීමට පෙර ලැබිය යුතු බව ද රජයේ මුද්‍රණාලය විසින් කොමිසමට දැනුම් දී තිබේ.

රජයේ වියදම් සීමා කිරීමට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව රාජ්‍ය ආයතනවලින් යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදුකළ යුතු බැවින් මෙම මුදල් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පෙර ගෙවන ලෙස මැතිවරණන කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා කීවේය.

ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් ඊයේ සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!