27.9 C
Galle

අධිවේගී මාර්ග අනතුරින් දෙදෙනකු මරුට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (14) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පින්නදූව සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරියක් කිලෝ මීටර 35.9 ආසන්න‍යේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අයිනේ නතරකර තිබී ඇත. ලොරියේ රියදුරා රථය පරීක්ෂා කරමින් සිට ඇති අතර කොට්ටාව දෙසට ධාවනය වූ තවත් රථයක් එම ලොරියේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.

පිටුපසින් පැමිණ ගැටුණු මෝටර් රථයේ සිටි රියදුරු, ඔහුගේ පියා, රියදුරාගේ බාප්පා සහ නැන්දා අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර තිබිණි. නාගොඩ රෝහලේ දී බාප්පා (75) සහ නැන්දා (70) මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related articles

error: Content is protected !!