27.9 C
Galle

පාසල් සිසුන් පිරිසක් විසින්, එක්දරු පියකු ඝාතනය කරයි

Published:

මාර්ගයේ ගමන් කිරීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රී තරුණයන් පිරිසක් විසින් එක්දරු පියකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග වි‍රාජ් නමැති 34 හැවිරදි අයෙකි.

තරුණයන් පිරිස විසින් ඔහුට හෙල්මට්වලින් දැඩි ලෙස පහර දී තිබූ බවත් තුවාල ලබා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් එක් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ මිතුරන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද පොලිසිය කීවේය. ඝාතනයට සම්බන්ධ යැයි සැකකරන සිසුන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (15) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!