27.1 C
Galle

වන්දනා බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා අවසන් ගමන් යයි

Published:

රත්නපුර දිස්ත්‍රික්කයේ, පල්ලෙබැද්ද ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුවකු මියගොස් ඇතැයි ගොඩකවෙළ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 17  හැවිරිදි වියේ පසුවන ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

වන්දනා ගමනක ‍යමින් සිටි බස් රථයක්, පල්ලේබැද්ද කළුවරගහ වංගුව ආසන්නයේ දී අද (15) උදෑසන අනතුරට ලක්ව ඇත. රියදුරුට නින්ද යාම හේතුවෙන් මේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ කාණුවකට වැටී ඇති බවත් එම අවස්ථාවේ බසරයේ එන්ජින් පෙට්ටිය මත වාඩි වී සිටි පාසල් සිසුවා ඉවතට විසිවී ඇති බවත් පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ ඔහු පල්ලේබැද්ද රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මියගොස් ඇත.

ගොඩකවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!