27.1 C
Galle

හමුදා රථය, යතුරුපැදි දෙකක ගැටී අයෙක් මරුට

Published:

මහනුවර යාපනය මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී යතුරුපැදි දෙකක් සමඟ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි අලවතුගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගෙ‍ාස් ඇත්තේ අවුරුදු 58ක් වයසැති උකුවෙළ පදිංචිකරුවෙකි. ඔහු මාතලේ රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

යුද හමුදා රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටී ඇත. ප්‍රයිමෝර් රථය පල්ලේකැලේ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබී ඇත.

Related articles

spot_img
error: Content is protected !!