27.1 C
Galle

හෙල්මට්වලින් පහර දී ඝාතනයක් කළැයි සැක පාසල් සිසුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යවයි

Published:

හෙල්මට්වලින් පහර දී එක්දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා ලබන 28 වැනි දා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන්ගේ පහරදීමෙන් පසුගිය පෙබරවාරි 14 වැනි දා වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි රංග විරාජ් නමැති 34 හැවිරිදි එක්දරු පියෙක් මියගියේය.

සැකකාර එක් සිසුවෙක් එදින ම අත්අඩංගුවට ගත් අතර ‍අනෙක් දෙදෙනා පසුදින අත්අඩංගුවට ගැණිනි. මෙම සිසුන් තිදෙනා ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අය බවත් ඔවුන් ඉගෙනුම ලබන්නේ මියගිය තැනැත්තාගේ බිරිඳ උගන්වන පාසලේම බවත් පොලිසිය කියයි.

විරාජ් තම නිවස ආසන්නයේ ගමන් කරමින් සිටිය දී සිසුන් පිරිස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් විරාජ් අවවාද කර තිබේ. මෙම අවවාදය නොරිස්සූ සිසුන් පිරිස පසුව ඔහුට පරහ දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!