27.9 C
Galle

මිනුවන්ගොඩ දී පුද්ගලයකු ඝාතනය කරලා

Published:

මිනුවන්ගොඩ, බො‍රගොඩවත්ත ප්‍රදේ‍ශයේ දී ‍වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකි. 

මියගිය පුද්ගලයා යතුරුපැදි‍යකින් යමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් සැඟවී සිට වෙඩි තබා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

error: Content is protected !!