27.9 C
Galle

දරුවන් දෙදෙනා ඝාතනය කර, මව සියදිවි නසා ගැනීමට තැත්කළා යැයි සැකයක්

Published:

රත්නපුරයේ, කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතුයායේ තිබී වයස අවුරුදු 07ක සහ වයස අවුරුදු 01ක් වන දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු අද (19) සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ශාන්ත ජෝකිම් වත්තේ අංක 04 නිවාස පෙළෙහි පදිංචි එකම පවුලක දරුවන් දෙදෙ‍නෙකි.

දරුවන් දෙදෙනාගේ මව වේදනා නාශක පෙති අධික ප්‍රමාණයක් පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර සිටියි. ඇය පවසා ඇත්තේ තම දරුවන්‍ දෙදෙනා ළිඳට වැටී සිටිය දී ගොඩටගෙන ළඳු කැලෑවකින් තැබූ බවයි. නමුත් පොලිසියේ සැකය වී ඇත්තේ මෙම මව දරුවන් දෙදෙනා ඝාතනය කර අනතුරුව සියදිවි නසා ගැනීමට උත්සාහ ගන්නට ඇති බවයි.

Related articles

error: Content is protected !!