28.3 C
Galle

සිරිපා ගිය බසයක් පෙරැළී දෙදෙනකු මරුට

Published:

සිරිපා වන්දනාවේ ගිය බසයක් නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරැළීමෙන් තරුණියන් දෙදෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ මේ බසය අඩි 200ක් පමණ ප්‍රපාතයකටපෙරැළී ඇත්තේ පොලිසිය ආසන්නයේ දී ම ය.

තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල පදිංචි වයස අවුරුදු 26ක් හා 30ක් වූ තරුණියන් දෙදෙනකු මියගොස් ඇති අතර රියදුරා, රිය සහායක ඇතුළු පිරිමි පුද්ගලයන් 11 දෙනකු සහ කාන්තාවන් 14 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය බවසයි. ඔවුන් ගිනිගත්හේන සහ න‍ොර්ටන්බ්‍රිජ් රෝහල්වලට ඇතුළත් කර ඇත.

මහරගම ප්‍රදේශයේ සිට සිරිපා වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටිය දී මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!