30.5 C
Galle

පෙරැළී ගිය බසයට යටවී මියගිය අයකු පැය 12කට පසු සොයාගනී

Published:

සිරීපාදේ ගොස් ආපසු එමින් සිටිය දී නොර්ටන්බ්‍රිජ් දියගල මාර්ගයේ දී පෙරැළී ගිය බසයට යට වී සිටි තරුණයකුගේ මළ සිරුරක් අද (20) සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස සොයාගන්නා ලද්දේ හික්කඩුව කලුපේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය (33) නමැති තරුණයකුගේ සිරුරකි. ඊයේ රාත්‍රී 9.15 ට පමණ බසය අනතුරට ලක්වූ අතර දෙදෙනකු මියගොස් 26 දෙනකු තුවාල ලබා තිබිණි.

ඔවුන් සමඟ සිටි එක් අයකු අතුරුදන්ව ඇතැයි පැවසීම හේතුවෙන් ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිසක් සහ නෝර්ටන්බ්‍රිජ් පොලිසිය එක්ව කරන ලද සෝදිසි කිරීමක දී ඔහුගේ සිරුර සොයාගෙන ඇත. අනතුර සිදුවී පැය 12කට පසු එය හමු වී තිබේ.

ඔහු බසයට යටවී මියගොස් සිටි බව ද පොලිසිය කියයි. සිරුර වටවල රෝහලට යවා ඇත.

Related articles

error: Content is protected !!