30.5 C
Galle

බෑණාගේ ලොරියට යට වී නැන්දා මරුට

Published:

බෑණා විසින් පැද වූ ලොරියකට යට වී 66 හැවිරිදි නැන්දණිය මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. නවගමුව, සුදවිල ප්‍රදේශයේ දී මේ අනතුර සිදුව ඇත. සිය නැන්දණියට කෑම පාර්සලයක් ලබාදීමට ලොරියෙන් පැමිණි බෑණා, කෑම පාර්සලය ලොරියේ සිට ම දී ඇති අතර නැවත ඉදිරියට ධාවනය කිරීමේ දී නැන්දණිය රියට යට වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මියගිය කාන්තාව පය ලිස්සා ඇද වැටී ලොරියේ වම් රෝදයට යට වී ඇතැයි පොලිසිය පවසයි. කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!