30.5 C
Galle

ඡන්දය ඉල්ලා විපක්ෂය විරෝධතාවක. කතානායක පාර්ලිමේන්තුව කල් තබයි

Published:

මැතිවරණය පවත්වන්න යැයි ඉල්ලමින් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු අද (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී  පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරෝධතාවක් ආරම්භ කළහ.

මෙය පාලන කරගැනීමට කතානායකවරයා විසින් හෙට (22) උදෑසන දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව නිවේදනය කෙරිණි.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිවරණ ඉල්ලා විවිධ ප්‍රකාශ සිදුකළහ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය. ඉන් පසු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු තම අසුන්වලින් නැගිට විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත වූ බැවින් පාර්ලිමේන්තුව හෙට (22) උදෑසන දක්වා කල් තැබිණි.

Related articles

error: Content is protected !!