30.5 C
Galle

සේපාල අමරසිංහ සමාව ගනී. නඩුව අවසන්කර මුදාහරී

Published:

සමාජ මාධ්‍ය වීඩියෝවක් නිෂ්පාදනය කිරීමෙන් දළදා වහන්සේට අපහාස කළැයි චෝදනා ලැබ සිටි සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පැවසීම හේතුවෙන් ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (21) තීරණය කළේය.

සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය. එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් විසින් දන්වා තිබිණි.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැඳ සිටියේය. ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!