30.5 C
Galle

බල්ලන් යට කළා යැයි චෝදනා ලැබූ කාන්තාවට ලක්ෂයක ශරීර ඇප

Published:

පාරේ සිටි බලු පැටවුන් දෙදෙකනු සිය මෝටර් රථයට යටකර ඝාතනය කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වරද පිළිගෙන ඇති අතර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත  මුදාහැර තිබේ.  

පදියපැලැල්ල, රික්ල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ මෙම බලු පැටවුන් දෙදෙනා සිටිය දී එම කාන්තාව විසින් පැදවූ මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝදවලට ඔවුන් යටවන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය. පසුගිය 17 වැනි දා සවස් කාලයේ මෙම සිදුවීම වූ බව පැවසේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වැනි දා මතුරට පොලිසිය පැමිණිල්ලක් ද ලැබී තිබිණි.

පොලිසිය පවසන්නේ එම පැමිණිල්ලට අනුව කරන ලද විමර්ශනවලින් තහවුරු වූයේ මතුරට ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැදවූ මෝටර් රථයට මේ බලු පැටවුන් යට වී ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාල කාන්තාව සහ ඇගේ සැමියා පොලිසියට ගෙන්වා‍ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (20) ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.  

Related articles

error: Content is protected !!