30.5 C
Galle

“ඡන්දය කල්දැමීමේ විවාදයක් දෙන්න බෑ” – ආණ්ඩුව කියයි

Published:

මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟවී නැතැයි වාර්තා වේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඡන්දය කල්දැමීම සම්බන්ධ විවාදයක් ඉල්ලා සිටි අතර පක්ෂ නායක රැස්වීමක දී ඒ ගැන තීරණයක් ගන්නා බව කතානායකවරයා කීවේය. අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක නිරතවූ බැවින් පාර්ලිමේන්තුව කල් තැබිණි.

මෙම විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (21) සවස රැස්විය. මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි දිනක විවාදය ලබාදීමට එහි දී ආණ්ඩුපක්ෂය එකඟ වී නැත.

Related articles

spot_img
error: Content is protected !!