30.5 C
Galle

පාඩු ලබන බස් ඩිපෝ පුද්ගලික අංශයට දීමේ සූදානමක්

Published:

පාඩු ලබන බස් ඩිපෝ පුද්ගලික අංශයට ලබාදන්න යැයි මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (21) කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ දී බස් රථ 40ක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමිනි. ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු එම බස් රථ ඩිපෝ කිහිපයක් සඳහා බෙදාදෙනු ලැබීය.

ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ 107ක බස් රථ 800ක් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් ධාවනයෙන් ඉවත්ව ඇති බව ද ඇමතිවරයා කීවේය. රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සහිතව රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලෙස 1,600 දෙනකු තාවකාලිකව බඳවාගැනීමට නියමිතව ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!