31.1 C
Galle

ඉන්දියානු වීසා කාර්යාලයේ භාණ්ඩ පැහැරගත් පිරිස අත්අඩංගුවට

Published:

ඉන්දියානු වීසා මධ්‍යස්ථානයට ඇතුළලු වී එහි තිබූ ලැප්ටොප් ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අය සන්තකයේ තිබී එම කාර්යාලයෙන් පැහැරගත් බවට සැකකරන ලැප්ටොප් පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක්, දුරකථනයක් සහ ඩීවීආර් යන්ත්‍රයක් පොලිසි භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදුණු සේවිකාවක් සහ ඇයගේ සමීප හිතවතකු ඇතුළු පිරිසක් සිටින බව ද පොලිසිය පවසයි. පසුගිය 15 වැනි දා අලුයම මෙම සොරකම සිදුව ඇති අතර ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනකු භාණ්ඩ පැහැරගෙන පළාගොස් තිබූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් කිරුළපන, වැල්ලවත්ත ආදී ප්‍රදේශවල  පදිංචිකරුවන්ය.

Related articles

spot_img
error: Content is protected !!