28.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,760ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,807ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 13ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,160ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 308
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 219
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 90

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යුනියන් බැංකුව කොටස් මිලියන 08
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාග කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටෑඩඩ් කැපිටල්  සමාගම 24%
  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • යුනියන් ඇෂුවරන්ස් සමාගම 10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 338
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 41ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 451ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 410ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 288
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 80
  • යුනියන් බැංකුව රුපියල් මිලියන 63

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!