28.5 C
Galle

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තකු වූ මෛත්‍රී, සාමය ගැන ලෝකයට දේශනා කරන්න යයි

Published:

කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගියේය.

කොරියාවේ ඇති විශ්ව සාම සම්මේලනය මගින් එම සමුළුව සංවිධානය කර ඇත. එම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් යන් යන්ග් හෝ විසින් කරන ලද ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා විශේෂ දේශනය පවත්වයි.

හෙට (24) කොරියාවේ සෝල් නුවර දී පැවැත්වෙන සමුළුවේ දී ලෝක සාමය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දේශනය පැවැත්වීමට නියමිතය.

පාස්කු දිනයේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව කලින් දැනුම්වත් සිටිය ද එම ප්‍රහාරය වළක්වාගැනීමට අදාල නිසි පියවර නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු යැයි තීරණය කළ පත්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි මුදල් ගෙවීමට ද නියමිතව තිබේ.

Related articles

error: Content is protected !!