28.5 C
Galle

මාර්තු ඡන්දය තියනවා ද නැද්ද ? සළකා බැලීම මැයි 11ට කල් තබයි

Published:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුවට අදාල එක් පෙත්සමක් සළකා බැලීම ලබන මැයි මස 11 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර විසින් ගොනුකර තිබූ පෙත්සම ‍එලෙස කල් තැබිණි.

රටේ පවතින ආර්ථික තත්වය‍ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනි දා නොපවත්වන ලෙස ඔහු එම පෙත්සම මගින් ඉල්ලා තිබිණි. එම පෙත්සම සැළකිල්ලට ගත් අවස්ථාවේ මහා භාණ්ඩගාරයේ ලේකම්වරයා විසින් නීතිඥයකු මාර්ගයෙන් දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ඒ මගින් මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකියාවක් පවතින්නේ ද නැද්ද යන්නත් ඒ සඳහා මුදල් ලබාදිය හැකි ද නොහැකි ද යන්නත් සම්බන්ධ කරුණු දැක්වීමක් කර තිබිණි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් කියා සිටියේ එම දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බවයි. ඒ අනුව ඔහුගේ ඉල්ලීම සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම යළි සළකා බැලීම මැයි මස 11 වැනි දා දක්වා කල් තැබිණි.

Related articles

error: Content is protected !!