29.4 C
Galle

ශ්‍රී ලංකාව රුසියන් – යුක්රේන යුද්ධයට විරුද්ධ නොවේ

Published:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “රුසියානු යුක්රේන යුද්ධය නවත්වන්න යැයි ද, රුසියානු හමුදා යුක්රේනයෙන් වහාම ඉවත්වන්න යැයි“ ද කියමින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය ලබාදීමෙන් වැළකී ඇත.

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මෙම යෝජනාවට සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 141 ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම යෝජනාවට විරුද්ධව සාමාජික රටවල් 7 ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 32 කි.

කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා, රුසියාව, බෙලරුසය සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ.

Related articles

spot_img
error: Content is protected !!