31.6 C
Galle

අධිවේගයේ නවතා තිබූ ලොරියක් නිසා, තරුණයකුට දිවි අහිමිවෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු වූ අනතුරකින් ගාල්ල අක්මීමණ පදිංචි තරුණයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි.

ඔහු සමඟ මෝටර් රථයේ ගමන්කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් ද තුවලා ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (23) රාත්‍රී කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරියක් අධිවේගී මාර්ගය අයිනේ නවතා තිබිය දී එම තරුණයා ගමන්ගත් මෝටර් රථය එම ලොරියේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

Related articles

error: Content is protected !!