29.4 C
Galle

ශෂී රෝගාතුර වෙයි. දින තුනක විවේකයක් ඉල්ලයි

Published:

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අසනීපයෙන් බවත් ඇයට දින තුනක විවේකයක් අවශ්‍ය බවත් නීතිඥයන් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීවේය.

නීති විරෝධී විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මේ බව කීහ. වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරමින් මේ අසනීප තත්වය හේතුවෙන් ඇයට අද අධිකරණයට පැමිණිය නොහැකි බව ද කියා සිටියහ.

මෙම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නඩුව ලබන 28 වැනි දා යලි කැඳවීමට නියම කළේය.

Related articles

spot_img
error: Content is protected !!