31.6 C
Galle

09 වැනි දා ඡන්දය නෑ. තියන දවස 03 වැනිදාට කියනවා

Published:

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාර්තු 03 වැනි දා ස්ථිර වශයෙන් ම දැනුම් දෙන බව ද එම කොමිෂන් සභාව නිවේදනය කළේය.

මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ මාර්තු 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි. නමුත් රජයෙන් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වූ අතර මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අද (24) ගන්නා බව ඊයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.

ඒ අනුව අද රැස්වූ මැතිවරණ කොමිසම මේ තීරණය ගෙන තිබේ.

Related articles

error: Content is protected !!