31.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,315ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 243
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 230
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 230

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන16
  • රෝයල් සෙරමික් සමාම කොටස් මිලියන 08
  • ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන්ට් ජෙම්ස්  සමාගම 14%
  • ලාෆ් ගෑස් සමාගම (X) 11%
  • එල්වීඑල් එනර්ජි සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 199.50 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05 රුපියල් 30.00 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 2.43ක් රුපියල් 64.00 බැගින්
  • කමර්ෂල් බැංකුව කොටස් 307,000ක් රුපියල් 65.50 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 67.00 බැගින්
  • හේලීස් සමාගම කොටස් 680,000ක් රුපියල් 78.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 120ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 235ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 115ක මුදලක් කොටස් වෙළෙඳ  පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 38
  • හේලීස් සමාගම රුපියල් මිලියන 27
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේමාස් සමාගම රුපියල් මිලියන 219
  • ඩිස්ටරරීස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!